නිල් තල්මසුන් පිලිබද සිත්ගන්නා සුලු කරුණු
තල්මසුන් විශේෂ අතරින් විශාලතම තල්මසුන් විශේෂය නිල් තල්මසුන් වේ. ලෝකයේ විශාලතම සත්වයා වේ. නිල් තල්මසුන් දිගින් අඩි 100 ක් (මීටර් 30.5 ක්) විය හැකි අතර ටොන් 160 ක් පමණ බරින් යුක්ත වේ. අලුත උපන් නිල් තල්මසුන් අඩි 23 ක් (මීටර් 7 ක්) දිග සහ බර ටොන් 30 ක් පමණ වේ.
නිල් තල්මසුන් මේ වන විට ජීවත් වී ඇති විශාලතම සත්ත්වයා වන අතර සමහර තල්මසුන් අඩි 100 ක් (මීටර් 30.5 ක්) දිගට දිව යනවා. ඔව්, ඔවුන් ඩයිනෝසෝරයන්ට වඩා විශාලයි!
නිල් තල්මසුන්ගේ හදවත Volkswagen Beetle රථයක විශාලත්වය පමණ ගන්නා බව සදහන් වේ.
නිල් තල්මසුන් ලෝකයේ සියලු සාගර වල ජීවත් වෙති. ඔවුන් සාමාන්‍යයෙන් ඉහළ අක්ෂාංශවල පිහිටි සාගර වල පෝෂණය වන අතර අභිජනන ක්‍රියාවලිය සදහා, නිවර්තන කලාපයටත් ස0ක්‍රමණය වේ.
ලෝක ව්‍යාප්ත නිල් තල්මසුන් ජනගහනය හරියටම නොදන්නා නමුත් ලොව වටා නිල් තල්මසුන් 5,000 ක් සිට 12,000 ක් දක්වා අවම වශයෙන් කාණ්ඩ 5 ක් තුළ වාර්තා වී ඇති බව 2002 දී කල ස0ඝනනයකින් දැන ගන්නට ලැබේ. තල්මසාගේ ඇට, තෙල් සහ මස් සඳහා විශාල වශයෙන් තල් මසුන් දඩයම් කරන ලදී.නමුත් වාසනාවකට දැන් දැන් නිල් තල්මසුන්ගේ ජනගහනය නැවත යථා තත්ත්වයට පත්වීමේ සලකුනු දක්නට ලැබේ..
ඔවුන් ඉතා විශාලයි! ඇන්ටාක්ටිකාවේ ජීවත් වන සමහර නිල් තල්මසුන් අඩි 110 (අඩි 33.5) ක් දිගකට උරුමකම් කියන අතර කෙසේ වෙතත් බොහෝ විට අඩි 80-90 (දිග මීටර් 24.4-27.4) දක්වා වැඩේ. ගැහැණු නිල් තල්මසුන් සාමන්‍යයෙන් පිරිමි තල්මසුන්ට වඩා විශාලයි. උතුරු අර්ධගෝලයේ නිල් තල්මසුන් සාමන්‍යයෙන් දකුණු අර්ධගෝලයේ නිල් තල්මසුන්ට වඩා කුඩා බව ඔබ දන්නවාද
හොඳ තත්වයන් යටතේ, නිල් තල්මසුන්ට සැතපුම් දහස් ගණනක් ඈතින් ඇසෙන අතර, නිල් තල්මසුන්ට එකිනෙකා ඇසෙන සේ කම්පනය, කෙඳිරිගෑම් නිකුත් කරයි.
නිල් තල්මසුන් krill (euphausiids) සහ copepods සත්වයින් ආහාරයට ගනී.
නිල් තල්මසුන්ට 8000 lbs ක් පමණ ආහාරයට ගත හැකිය.
නිල් තල්මසුන් අවුරුදු 5-10 අතර කාලයේදි වයස්ගතවීම ආරම්භ වේ. ගැහැණු නිල් තල්මසුන් මාස 11 ක් ගැබ්ගෙන සිටින අතර ගැහැනුන් සෑම වසර දෙකකට වරක් ගැබ් ගන්නේ ය. කිරි දෙන තෙක් දිනපතා මව සහ තල්මස් පැටියා ඉතා සමීපව ඇසුරු කරයි.
නිල් තල්මසුන් කොපමණ කල් ජීවත් වේද යන්න විස්තර කිරීමට අපහසුය. නිල් තල්මසුන් අවුරුදු 50 ක් පමණ ජීවත් වන බවට විශ්වාස කෙරේ.
නිල් තල්මසුන් ස්වාභාවික හේතූන් නිසා මිය යති.
මිනිස්සු, වෙළඳාම්, තෙල්, මස් හා ඇඟලුම් ද්‍රව්‍ය සඳහා නිල් තල්මසුන් දඩයම් කර ඇත. අද නිල් තල්මසුන් දඩයම් කිරීම නීති විරෝධී ය.
Search Papers
Sunday, January 6, 2019
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment